ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,325ක් දක්වා ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් ඇත.
කොළඹ වෙළෙඳපොළ පල තුල අද උදෑසන පෙර දිනට සාපේක්ෂව රුපියල් 6,000 කින් පමණ ඉහළ ගොස් තිබේ.
ඒ අනුව හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක් පසුගිය සෙනසුරදා (13) රුපියල් 386,000ක් ලෙස පැවති අතට අද වනවිට රුපියල් 392,000 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි
කැරට් 22 රන් පවුමක මිල රුපියල් 360,600ක් ලෙස වැඩි වී තිබුණි ..
