වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ 192 දෙනෙකුට අද (18) ස්ථීර පත්වීම් පිරිනැමීම
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතින් සිදු විය….
2019 වසරේ පමණ සිට වැඩ බලන උප තැපැල් ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ එම නිලධාරීන් ස්ථිර කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබිම සමග 196 දෙනෙකු අතුරින් සුදුසුකම් ඇති වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙදෙනෙකුට මෙලෙස ස්ථීර පත්වීම් පිරිනැමීම සිදු කරන ලදි.
පසුගිය මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකා තැපැල් සේවාවට 1,955ක් බඳවාගෙන ඇති බව
අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ලබන මස පළමු දින තැපැල් සේවා නිලධාරින් 303 දෙනෙකු බඳවා ගැනීමට නියමිතව ඇති බවත් සදහන් කරන ලදි..
