වර්ෂ 2019 අප්‍රේල් 21 වැනි දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ විමර්ශන ආයතන සතුව ප්‍රමාණවත් විශේෂඥ දැනුමක් නොතිබූ බැවින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටි බව ඒම නිවේදනයක් සදහන් කරයි ..

එක්සත් ජනපද විමර්ශනයට අදාළ සම්පූර්ණ තොරතුරු සහ සාක්ෂි FBI ආයතනය හා අධිකරණ දෙපාර්තමේන්තුව හෝ සතුව පවතීන බවත් රජය විසින් නැවත විමර්ශන ආරම්භ කර ඇති බැවින්, මේ තොරතුරුත්, සාක්ෂිත් ලබා ගැනීම සඳහා ඇමරිකානු රජයට අයදුම්පතක් ඉදිරිපත් කර තිබේද? යන්න එයින් ප්‍රශ්න කරයි .

ඒසේ ප්‍රශ්න කර ඇත්නම්. ඒ සඳහා ලැබුණු පිළිතුර කුමක්ද? එසේ නැති නම්, රජය එය නොකිරීමට හේතුව කුමක්ද? මේ තොරතුරු – සාක්ෂි ශ්‍රී ලංකාවේ අධිකරණ බලධාරීන්ට ලබා දිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂය වැඩි දුරටත් සදහන් කරයි …

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page