පෘථිවියේ අභ්‍යන්තරය පිලිබදව ගවේෂණය කිරිමේ අරමුණින් කිලෝමීටර 11 ක් ගැඹුරට සිදුරක් හෑරීමට චීනය තීරණය කර ඇත.
මෙම සිදුර පෘථිවියේ ස්ථර 10කට වඩා වැඩි ප්‍රමාණයක් හරහා ගොස් වසර බිලියන ගණනකට පෙර ක්‍රිටේසියස් යුගයේදී නිර්මාණය වූ ස්ථර වෙත ළඟා වනු ඇති බව චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන සින්හුවා වාර්තා කරයි.
ව්‍යාපෘතිය සඳහා දින 457ක් ගතවනු ඇතැයි අපේක්ෂා කරන අතර
පොළව යට මීටර් 10,000කට වැඩි ප්‍රමාණයක් හෑරීමට නියමිත මෙම ව්‍යාපෘතිය චීනයේ විශාලතම උමං ව්‍යාපෘතිය ලෙස ද සැලකේ.
