ශ්‍රී ලංකාව අතහැර වෛද්‍යවරුන් ඉතා විශාල ප්‍රමාණයක් විදේශ සේවයට ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ අතර පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා විදේශීය පුහුණුව නිමවා මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 323 දෙදෙනකුගෙන් 160 දෙනෙක් විදේශ රටවල සේවයට ගොස් ඇති බව වාර්තා වනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීක සත්කාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා කියා සිටින්නේ මේ තත්ත්වය මත වෛද්‍යවරුන්ගෙන් පිරිසක් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බවයි.
මේ අනුව වෛද්‍යවරුන් විදේශගත වීම වැලැක්වීමට නිසියාකාර නීති පද්ධතියක් මෙරට ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටළුවක් බවත්
සෞඛ්‍ය අංශය එවැනි නීති පද්ධතියක් කඩිනමින් සකස් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ වෛද්‍යවරුන් විදේශගතවීම වැළැක්වීම සඳහා ඔවුන්ගේව් වීසා අවලංගු කිරීම වැනි ක්‍රියාමාර්ග ගත හැකි අතර ආචාර ධර්මකඩ කිරීම පදනම් කරගෙන වෛද්‍ය සභාවට ඔවුන්ගේ ලියාපදිංචිය පවා අහෝසි කළ හැකි බවයි.
