සෞඛ්‍ය සේවාවන් පිළිබඳ පැමිණිලි විභාග කිරීම සඳහා කමිටුවක් පත් කිරිමට අවශ්‍ය බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේන් ඉල්ලා සිට.
තත්වයෙන් බාල ඖෂධ භාවිතා විමෙන් රෝගීන්ට සිදුවන හානිය හා සායනික භාවිතාවන් මගින් සිදුවන හානි වැඩිවෙමින් පවතින අතර, ඒවා බොහොමයක් සාමාන්‍ය තත්වයන් ලෙස යට ගැසීමේ හෝ නොසලා හැරීමේ තත්වයක් පවතින බැවින්, මහජනතාවගේ එවන් පැමිණිළි විමර්ෂණය කිරීමට ස්වාධීන කමිටුවක් වහාම පත් කරන ලෙස,
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා දන්වා සිටී.
සෞඛ්‍ය ඇමතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එම කමිටුවට විෂය ප්‍රාමාණිකයින්ට අමතරව, රෝගීන්ගේ පාර්ශවය නියෝජනය කිරීම සඳහා සාමාජිකයින් ද පත් කිරීම අවශ්‍ය බවයි.
ඒසේම එම කමිටුවේ නිරීක්ෂණවල විනිවිදභාවය ආරක්ෂා කල යුතු බව ද ඔහු වැඩි දුර අවධාරණය කර සිටී.
