රටේ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා පියවර ගණනාවක් ගෙන තිබුනත් විපක්ෂය දිගින් දිගටම එයට සහයෝගය නොදි කටයුතු කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසනු ලබනවා…

ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියෙ…….

සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් අප ඇති කර ගත්තා. එය ක්‍රියාත්මක කිරීමට 2023 අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

පසුව අපි කිව්වා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ගේනවා කියලා. පාර්ලිමේන්තුවේ දී එය අනුමත කර ගැනීමට අප සියලුදෙනා එකට එක්ව කටයුතු කරමු කියලා. විපක්ෂය පාර්ලිමේන්තුවේදී මොකක්ද කළේ? ඔවුන් එයට සහයෝගය ලබා දුන්නේ නැහැ

පළමුවෙනි කාරණය ලෙස ඔවුන් දක්වන්නේ අර්ථ සාධක අරමුදලට අත් තබන්න එපා කියලා. අපි ඊට අත තබා නැහැ. අර්ථ සාධක අරමුදලේ පොළිය 10%-9% දක්වා අඩු කෙරුණේ මම ජනාධිපතිවරයා වීමට පෙරයි. ඇත්ත වශයෙන්ම රටේ තිබු තත්ත්වය අනුව 10%ක් ලබාදීමට හැකියාවක් තිබුණෙ නැහැ. ඒත් එදා විපක්ෂය ඒ සම්බන්ධයෙන් විරෝධය දැක්වුවේ නැහැ.

කැබිනට් මණ්ඩලය තීරණය කළා අවම පොළිය 9%ක් තමයි දිය යුත්තේ කියලා. අවම පොළිය 9% නම් හොද කාලයක් ආ විට 10% කරන්න පුළුවන්. එසේනම් අපි අර්ථ සාධක අරමුදලට අත තබා නැහැ. අපි අවම පොලියක් නියම කරමින් නීතියෙන්ම එය ආරක්ෂා කළා.

ආණ්ඩු පක්ෂයේ හිටියත්, විපක්ෂයේ හිටියත් අපි එකතුවෙලා රට ගොඩනගමු. දැන් ඒ අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ නිසා මම නැවත ඉල්ලනවා, මේ රටේ ජනතාවට සහනයක් දෙන්න කරුණකරලා අපත් සමග එක්වන්න කියලා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page