ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට චීන ගුවන් සේවයක් වන ” Air China” තිරනය කරයි .
එම ගුවන් යානය පසුගියදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බව වාර්තා වේ.
වසර තුනකට පමණ පෙර මෙම චීන ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිදුකළ ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබුණු අතර .යළි පැමිණි ප්‍රථම ගුවන් යානය සඳහා ඒ – 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.
චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙම චීන ගුවන් සේවයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එම ගුවන් යානයෙන් මගීන් 142දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙකු ද පැමිණ සිටියහ
” Air China” ගුවන් සේවය සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල චීනයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එම ගුවන් යානා එදිනම රාත්‍රී කටුනායක සිට චීනයේ බලා පිටත්ව යාමට නියමිතය.
මෙම ප්‍රථම ගුවන් යානය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන්ග්, චීන ජාතික ගුවන් සේවයේ ආසියා ෆැසිපික් කලාපීය කළමනාකරු ෂූයි ජුන් යන මහත්වරුන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
