පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ අවම ගාස්තු රුපියල් 15,000 දක්වා අඩු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එහි සභාපති සුපුන් පතිරගේ මහතා සඳහන් කළේ, කලින් පැවති රුපියල් 50,000 ක්
ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුව රුපියල් 15,000 සිට 35,000 දක්වා නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ අඩු කිරීම සිදුකර ඇති බවයි.

මේ වන කොට අපේ කර්මාන්තකරුවාගේ කාර්මාන්තය තියෙන දුර ප්‍රමාණය අනුව ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අප හඳුන්වා දීලා තියෙනවා මධ්‍යම පරිසර අධිකාරිය විසින්. සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව මධ්‍ය පරිසර අධිකාරියට පාඩුවක් සිදුනොවන ආකාරයට ඒ වගේම කර්මාන්තකරුවන්ට සහනයක් ලැබෙන පරිදි ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩු කරලා තියෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page