ශ්‍රී ලංකාව හා ජර්මනිය එක්ව වෘත්තීය පුහුණු පාසලක් ලංකාවේ පිහිටුවීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවෙි ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර එකඟතාවයක් ඇතිව කර ගනි.

මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා හා ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදීය. මෙම පහුණුවෙන් පසු උසස් ලෙස සමත්වන දරුවන් වෙනුවෙන් ජර්මන් පුනර්ජනනීය බලශක්ති සමාගම් වල රැකියා ලබාදීමට ද ජර්මන් තානාපති කාර්යාල නිලධාරීන් මෙම සාකච්ඡාවේදී එකඟ වී තිබේ.

ජර්මන් තානාපති කාර්යාල නිලධාරීන් සමඟ ජර්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති සමාගම් නියෝජිතයන් පිරිසක් ද පැමිණ ඇති අතර ඔවුන් ඊට අදාළ ව්‍යාපෘති වාර්තාවක් ලබාදීමට එකඟ වී ඇත.

ඒ අනුව මේ වන විටත් අදාළ වෘත්තීය පුහුණු පාසල හෝමාගම තාක්ෂණික කලාපයේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page