අද අළුයම වන්දනා පිරිසක් ගමන් ගත් බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇත.
අබන්පොළ ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුරින් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම පිරිස කූරගල වන්දනාවේ ගොස් එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
