පච්චා කෙටූ අයට ඒඩ්ස් හා සමාජ රෝග ඇතිවීමේ දැඩි අවධානමක් ඇති බව ශ්‍රී ලංකා ටැටු සංගමය පවසයි.
නියාමනයකින් තොරව පච්චා කෙටීම හේතුවෙන් සමාජ රෝග මෙන්ම විවිධ ලෙඩ රෝග බෝවීමේ අවදානමක් ඇති අතර ඒම ආයතනයන් රජය කිසිදු නියාමනයට ලක් නොකිරිමත් නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය නොකිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය ඉහළ ගොස් ඇතැයි ද එම සංගමය කියා සිටී.
මෙරට පච්චා කොටන ආයතන පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ඇතත් ඉන් තම සංගමයේ යටතේ ලියාපදිංචි වී ඇත්තේ එකසිය හතළිහක් පමණි
මෙම ආයතන වලට ශල්‍යාගාර පහසුකම් තිබිය යුතු බවත් සියලු උපකරණ විසබීජහරණය හා ජීවානුහරණය කර තිබිය යුතු බවද සංගමය පෙන්වා දෙයි.
