සෞඛ්‍ය සේවකයින් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අහෝසි නොකරන බව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පවසයි.

අදාල චක්‍රලේඛය රජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව නිකුත් කර ඇති බවත් එම චක්‍රලේඛය අහෝසි කිරීමට කිසිසේත්ම අවශ්‍ය නොවන බවත් ඒ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් වී ඊට අනුගතව කටයුතු කළ යුතු බවත් ඔහු පැවසීය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළහොත් ඒ තත්ත්වයට මුහුණදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානමින් සිටින බවත් සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page