2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරඟය බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 7 කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර පන්දුවාර 38යි පන්දු 04 අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 193 ක් පමණි.
එහිදී මුශ්ෆිකුර් රහීම් ලකුණු 64ක් හා නායක ෂකීබ් අල් හසන් ලකුණු 53 ක් රැස්කලා
ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 39 යි පන්දු 3 ක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 194ක් රැස්කර තරඟය ජය ගන්නා ලදී
