පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්යෙන් පුළුල් හා පූර්ණ විමර්ශනයක් පවත්වා ඇතැයි, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අමතමින් පැවසුවාය.

සැසිවාරය අමතමින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෙන් ස්වාධීන විමර්ශනයක් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙනි.

ශ්‍රී ලංකා තානාපතිවරිය කියා සිටියේ ,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඔවුන්ගේ විශ්ලේෂණයේදී පක්ෂග්‍රාහී මූලාශ්‍රවලින් වැරදි සහ තහවුරු නොකළ තොරතුරු භාවිතා කිරීමට උත්සාහ කිරීම කණගාටුවට කරුණක් බවය.

ශ්‍රී ලංකාව විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දිගින් දිගටම දන්වා ඇති පරිදි, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ජනාධිපති විමර්ශන කොමිසමකින් ඇතුළුව පුළුල් හා පූර්ණ විමර්ශනයක් සිදු කර ඇති අතර, එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි ඇය පැවසුවාය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page