කොළඹ වරාය නගරය ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව( Launch) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ද එම උත්සවයට සහභාගී වෙන බව කී අමුණුගම මහතා වරාය නගරයේ ආයෝජනය කරන්නට දැනටමත් ආයෝජකයන් 17 දෙනකු ඉදිරිපත් වී ඇති බව සඳහන් කළේය.

එහිදී කොළඹ වරාය නගරයේ නම colombo financial city (කොළඹ මූල්‍ය නගරය)යනුවෙන් වෙනස් කිරීමට ඉඩ තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ වරාය නගරය ආශ්‍රිත රෙගුලාසි සම්මත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් දිලුම් අමුණුගම මහතා මේ බව කීය.

නව රෙගුලාසි සම්මත කළ පසුව වරාය නගර ව්‍යාපෘතියේ විශාල වෙනසක් වනු ඇති බවත් ආයෝජකයන්ට වැඩ කටයුතු ආරම්භ කරන්නට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page