2023 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව පසුගිය සතියේදී මොරොක්කෝවේදී පැවැත්වුනා.

මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා මූල්‍ය ප්‍රවනතා සම්බන්ධ අතිශය වැදගත් තොරතුරු සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘත්තිය සහ තිරසරභාවය සදහා ලබා ඇති ප්‍රගතිය වේගවත් කිරීමටත් , අදාල හවුල්කරුවන් සමඟ සහයෝගීතාව වැඩි කරගැනීම සඳහා ප්‍රමුඛතාව හිමි වන පරිදී සාකච්ඡා ගණනාවක්ම සිදුකෙරුණා.

පසුගිය ඔක්තෝබර් 9 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවති මෙම රැස්වීම් මාලාවේ දී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හැසිරවීම ඇගයීමට ලක් වූ අතර තවදුරටත් මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබද යෝජනා ගණනාවක්ම ඉදිරිපත් වුනා.

ට්විටර් හෙවත් එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැතිතුමන් අවධාරණය කරේ මෙම සමුළුවේදී පැවති සාකච්ඡා හා සම්බන්ධීකරණයන් ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්‍යමණ්ඩල එකඟතාවන්ට ඉක්මනින්ම එළඹීමේ හැකියාව ඇතැයි දැඩි විශ්වාසයක් ඇති බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page