කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සිදුකරන ලද ප්‍රකාශයට පිලිතුරු දිය යුතු වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කර සිටියා .
හාල්මැස්සන් සේ සැලකිය හැකි නිමල් ලංසා වැනි මන්ත්‍රීවරුන් එම ප්‍රශ්නයට මැදිහත් වීම හෝ පිළිතුරු දීම ගැන තමන් කණගාටු වන බවත් ඔහුට ඒ සදහා කිසිදු අයිතියක් නැති බවත් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.
