අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,410,064 ක් සඳහා දෙසැම්බර් මාසයට අදාළ රු.මි. 8,793 ක මුදල් බැංකු වෙත ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි.

ඒ අනුව ඉහත පවුල් සංබ්‍යාවට අදාළ ජුලි සිට දෙසැම්බර් දක්වා ගෙවීමි ලෙස රු.මි. 51,967 ක මුදලක් රජය ගෙවා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අන්ත දිළිදු පවුල් 303,199, දිළිදු පවුල් 606,496, අවදානමට ලක් වු පවුල් 290,624 හා සංක්‍රාන්තික පවුල් 209,745 ක් සදහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම මේ වන විට සිදු වෙයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page