මෙරට ඛනිජ කර්මාන්තය ආශ්‍රිතව භාවිතා කරන ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය භාවිතාවේදී මාපියාවක් පවතින බව හා ඒය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විමට ඉඩ ඇති බව සමස්ත ලංකා ඛනිජ සම්පත් ව්‍යවසායකයින්ගේ සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න අධිකාරි සදහන් කරයි..

පසුගිය දා කොළඹ දි පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලා…

ඛනිජ කර්මාන්තය තුළ විශාල මාෆියාවක් තිබෙන බවත් කර්මාන්තය සඳහා භාවිතයට ගන්නා පුපුරන ද්‍රව්‍ය ඇතැම් ආයතන බලපත්‍රය ඉක්මවා ලබාගෙන ඇති බවත් ඒය රටේ ආරක්ෂාවට බලපා හැකි බවත් ඔහු පවසා සිටියා

එසේම පසුගිය දා අනුරාධපුරයේ ගල්කොරියක් තුල තිබි ඩෙටනේටර් කූරු 26 ක් හමු වු අතර ඒය ඔවූන්ගේ සිමාව ඉක්මවා ලබා ගත්තේ කෙසේද යන්න විදිමත්ව පරික්ෂා කල යුතු බවත් ඔහු සදහන් කලා..

මෙවැනි වාතාවරණයක් නිර්මාණය වීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් ඛනිජ කර්මාන්ත මුවාවෙන් මෙසේ පුපුරන ද්‍රව්‍ය පිටතට යෑම අවදානම් සහිත බවත් ඒ පිළිබඳව සොයා බැලීම් සිදු කරන ලෙස තමන් ඉල්ලීම් කරන බවත් ඔහු සඳහන් කළා.

එසේම රට තුළ ඇති ඛනිජ සම්පත් නිසි ආකාරය ප්‍රයෝජනයට නොගන්නා බවත් ඒවා ඉතා සුළු මුදලකට විදේශක රටවලට අලෙවි කර නැවත ඒවා වෙනත් නිෂ්පාදන ලෙස අධික මිලකට මිලදී ගන්නා බවත් ඔහු පෙන්වා දුන්නා.

එසේම ඛනිජ නිෂ්පාදනයට අදාලව රට තුළ විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය කළ හැකි බවත් රටේ තරුණ ප්‍රජාව ඒ සඳහා යොමු කොට විරැකියා ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකි බවත් ඉතා විශාල රැකියා ප්‍රමාණයක් එ මගින් සපයා දිමට හැකි බවත් ඔහු පැවසුවා .

රටේ ඛනිජ සම්පත් ආශ්‍රිතව සිදු කරන කටයුතු විධිමත් ආකාරයෙන් සිදු කිරීමට වගකිවයුතු දේශපාලනඥයින් නිලධාරින්, බලධාරීන් කටයුතු කළ යුතු බවත් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙ පිළිබඳව අවධානය යොමු කල යුතු බවත් ඔහු මෙම මාධ්‍ය හමුවෙදි වැඩිදුරටත් සදහන් කර සිටියා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page