ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2026 වසරේ පළමු වැඩසටහන තඹුත්තේගමින් අද (17දා) ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා ඇතිබව එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සදහන් කරයි..
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොට්ඨාස සංවිධායකවරුන් මෙහිදී පත්කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය කර ඇත.
නව වසරේ පළමු වැඩසටහන තඹුත්තේගම කොට්ඨාසයේ සංවිධානය කිරීම පිළිබඳව අදහස් දක්වමින් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ, මේ රටේ බොරුව ප්‍රකාශ කිරීම ආරම්භ කළ ස්ථානයෙන්ම නව වසරේ කටයුතු ආරම්භ කරන බවත්, බොරුව වෙනුවට සත්‍ය ප්‍රකාශ කරමින් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන බවත්ය.
