නීති විරෝධී පිරිමීඩ ක්‍රමයට මුදල් වංචා කල ONMAX DT (PVT) LTD සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හයදෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ නියෝග කළේය.

එම සමාගමේ බැංකු ගිණුම් 58 අත්හිටුවීමට ද නියෝග කල අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කල ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග නිකුත් කළේය.

එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික හා ධනංජය ගයාන් යන අයගේ විදෙස් ගමන් තහනම් කිරීමට මෙලෙස අධිකරණය නියෝග කළේය.

මෙම සමාගම හරහා ඇමරිකානු ඩොලර් කෝටි දහයකට අධික මුදලක් ගනුදෙනු වී ඇති බවත් එහි සැකකටයුතු ගිණුම් ද වාර්තා වන බවත් ශ්‍රී ලංකා මහබැංකු මූල්‍ය බුද්ධි ඒකකය අධ්‍යක්ෂකවරයා විසින් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බව එම ඒකකය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් බැංකු පනතේ 83 (ඇ) (1) හා මුදල් විශුද්ධිකරණ පනතේ අංක 3 යටතේ විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page