රජයේ සෞඛ්‍ය පද්ධතිය ගැන මහජන විශ්වාසය බිඳ වට්ටවා පෞද්ගලික රෝහල් ගොඩ දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.
මෙය සැලසුම් සහගත ක්‍රියාවලියක් බව පවසන ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා කියලා තියෙනවා ඖෂධවල ගුනාත්මකභාවය පරීක්ෂා කරන්න නිර්නායක නෑ කියලා. එහෙනම් පරීක්ෂනාගාර මොකටද ? NMRA වැනි ආයතන මොකටද?.
මේක සෞඛ්‍ය ඇමතිවරයාගේ නොදැනුවත්කම විතරක් නෙවෙයි ගේම් එකක් රජයෙ සෞඛ්‍ය පද්ධතිය ගන මහජන විශ්වාශය බිද වට්ටලා පෞද්ගලික රෝහල් ගොඩදන්න කරන කොන්ත්‍රාත් එකක්.
ඖෂද ප්‍රශ්න වෙනුවට රෝහල් අවට තිබෙන අවමංගල ශාලා ගැන කියවනවා . මේවද සෞඛ්‍ය ඇමති දෙන උත්තර අපි කියනවා ජනජීවිතය අර්බුදයට නොයවා වහාම ඉල්ලා අස්වෙන්න කියලා
