‘අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම අද (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සදහන් කරයි…
ඒ අනුව, ප්රතිලාභී පවුල් 1,373,248ක් සඳහා රුපියල් 10,904,801,250.00ක (එක්දහස් අනූ කෝටි හතළිස් අට ලක්ෂ එක් දහස් දෙසිය පනහක) මුදලක් අදාළ ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කෙරෙනු ඇත.
