පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද (18) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව ඇත.
ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වීමට නියමිත අතර වග උත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සූහාරශී හේරත් මහත්මිය කරුණු දැක්වීමට නියමිතය..
මෙහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ශානි අබේසේකර ,එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර ඇත.
