මාලිමාවට අගලවත්ත ප්රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව සදහන් කරයි…
අගලවත්ත ප්රදේශය සංවර්ධන කිරීමේ අරමුණින් දේශපාලන භේදයකින් තොරව අගලවත්ත ප්රාදේශීය සභාවේ බලය පිහිටුවීමට තමා මාලිමා රජයට සහය දුන් බවත් සභාවේ කටයුතු තමාට කිසිදු දැනුවත් කිරීමකින් තොරව සිදුකරන බවත්, තමා උප සභාපති ලෙස ඉදිරිපත් කළ එකදු යෝජනාවක් හෝ මේ වනතෙක් ක්රියාත්මක නොවුණු බවත් මේ හේතුවෙන් තමා තවදුරටත් සභාවේ උප සභාපති ධුරයේ කටයුතු නොකරන බවත් ඔහු සදහන් කරයි..
ඔහු සිය ධුරයේ දිවුරුම් දී වසරක් සපිරෙන ජුනි මස 26 වැනිදා තනතුරෙන් ඉල්ලා අස්වන බව සදහන් කරයි.
