ශ්‍රී ලංකාවෙන් සිදු කෙරෙන ආනයන සම්බන්ධ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා රජය නව නියාමන හඳුන්වා දි ඇත.
ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආනයන හා අපනයන පනත යටතේ නව රෙගුලාසි පනවා ඇත.
ආනයන ගනුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක් ලබා දිය යුතු වන අතර එම ගනුදෙනු සම්බන්ධ සියලු තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම් දීමද අනිවාර්ය කර ඇත.
ඒ අනුව ආනයනකරුගේ බදු හඳුනාගැනීමේ අංකය (TIN), ලිපිනය, ප්‍රතිලාභියාගේ තොරතුරු, බැංකු හා ශාඛා කේත, ගෙවීම් මුදල, මුදල් ඒකකය, ගෙවීම් සහ භාරදීමේ කොන්දේසි, ගෙවීම් දිනය, Proforma Invoice අංකය සහ ආනයනය කරන භාණ්ඩ විස්තර ඇතුළු තොරතුරු බැංකු මඟින් රේගුව වෙත ලබා දිය යුතුය.
ලියාපදිංචිය නොමැති ආනයනකරුවන් සඳහා වාණිජ බැංකුවලට අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට අවසර නොලැබෙන බවද නව රෙගුලාසිවල සඳහන් වේ.
මෙම නව නියෝග 2026 ජූනි අද (19) වන දින සිට ක්‍රියාත්මක කෙරේ.
