ජනතාව ගැටලුව ලෙස තේරුම් ගෙන ඇත්තේ ඉන්ධන ගෑස් පෝලිම් තිබීම, විදුලිය කැපීම, බඩු මිල වැඩි වීම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
මෙරට බොහෝ ඡන්දදායකයන්ට ඡන්දය ලබා දුන්නාට පසු සිදුවන දේවල් ගැන තේරුම් ගැනීමට සිහි කල්පනාවක් හෝ වේලාවක් නැති බවද ඔහු පැවසීය.
ඉන්ධන ගෑස් පෝලිම්, විදුලිය කප්පාදුව ආදිය නැවතුන විට ජනතාව සිතා සිටින්නේ ගැටලුව අවසාන වූ ලෙස බවද හෙතෙම පෙන්වා කියා සිටියේය.
නමුත් දැන් සිදුව ඇත්තේ ආණ්ඩුව විදුලිය කපනවා වෙනුවට තමන් විසින්ම විදුලිය කපා ගැනීමේ තත්ත්වයකට පත්කර ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
