සියලුම අධිකරණවල නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බවට පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් මන්ත්රී සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඇතැම් නඩු කල් යාම නිසා රටට විශාල පාඩු වන අවස්ථා ඇති වන බවත් සමහර ආයෝජන අවස්ථා පවා අහිමි වි ඇති බවත් ඒ මහතා සදහන් කරයි .
ආර්ථික නිදහස ලබා ගත හැකි වන්නේ ආයෝජන ප්රවර්ධන වුවහොත් පමණක් යයි ද කාරියවසම් මහතා පැවසීය.
මේ වන විට විදෙස් ආයෝජන ඉතා පහළ තත්ත්වයකට පැමිණ තිබෙන අතර දේශීය ආයෝජකයන් පවා මෙරට කර්මාන්තශාලා වසා දමා වෙනත් රටවල ආයෝජනය කිරීමේ ප්රවණතාවයක් ඇති වී තිබෙන බව සාගර කාරියවසම් මහතා කීය.
