ජාතික රෝහල් ඇතුළු රෝහල් රැසක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර සහ පරීක්ෂණ උපකරන අලුත්වැඩියාව හෙට සිට ආරම්භ කිරිමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඒ සඳහා රුපියල් බිලියන 4 ක් වෙන් කර ඇති බවත් පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදයත් සමග රෝහල් පද්ධතියේ තිබූ CT ස්කෑන් යන්ත්‍ර ඇතුළු විකිරණ පරීක්ෂණ සිදුකරන යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ගිවිසුම් ගතවීම සිදුනොවූ බව අමාත්‍යවරයා පැවසූ අතර , එම තත්ත්වය මත මේ වනවිට රජයේ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍ර 14ක් ඇතුළු විකිරණ පරීක්ෂණ යන්ත්‍ර රැසක් අක්‍රීය වී ඇති බවයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page