මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරිමේදි දාරළුව ප්‍රදේශයේ තිබී කපා ඉවත් කල පඬු කරඳ ගස (කෲඩියා සෙලනිකා) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මියගේ නියෝගයෙන් මත වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ඉදිරියේ ඊයේ 28 පස්වරුවේ ගොඩ ගෙන හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට රැගෙන ගොස් නැවත රෝපණය කරන ලදී.

අද පෙරවරුවේ නැවත කැඳවූ අවස්ථාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු කටයුතු පිළිබඳ ව්‍යාපෘති අංශය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රසික දිසානායක මහතා කරුණු දක්වමින් මෙය රජයට පවරා ගෙන ඇති පුද්ගලික ඉඩමක තිබූ ගසක් හෙයින් එය ගොඩ දැමීමට නියෝග කිරීමට බලයක් නොමැති බව කියා සිටියේය.

මෙහිදී පුරා වස්තු සුරැකීමේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොෂාන් කහටපිටියපිටිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ අධිකරණයට පැවරී ඇති බලතල අනුව ගස ගොඩ ගැනීමට නියෝග කර ඇති බවත් ඒ පිළිබදව අභියෝග කළ නොහැකි බවත් ය.

මේ පිළිබඳව ඇති සියලු පනත්වලින් මෙය දුර්ලභ ගණයේ ශාකයක් බවට තහවුරු වී ඇති හෙයින් ගස හොරෙන් කපා වළ දැමීම පිළිබඳව නඩුව ඉදිරියට පවත්වා ගෙන යා යුතු බවද නීතීඥවරයා කීය.

ඒ අනුව වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ඉදිරියේ ගස ගොඩ ගැනීමට කටයුතු කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එම නියෝගයෙන් අනතුරුව ගම්පහ හා බෙම්මුල්ල පොලිස් ස්ථානවල නිලධාරීන් ගේ මග පෙන්වීම යටතේ ගස වල දමා ඇති ස්ථානයට ගොස් ගස ගොඩ ගැනීමට කටයුතු කර එය ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට රැගෙන උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂිකා රුවනි ගෝමස් මහත්මියගේ නිරීක්ෂණය යටතේ එය නැවත රෝපණය කරනු ලැබීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page