ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් ගෙන එමින් නදීෂා දිල්හානි ලේකම්ගේ චීනයේ දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමත් විය.
හිටපු ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ 2006 වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේදී අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු ක්‍රීඩා උලෙළකදී මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් දිනාගැනීමට සමත් වු අතර වසර 17 කට පසු නදීෂා නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමින් මීටර 61.57 ක දක්ෂතාවයක් දැක්වමින් ඒම වාර්තාව තබන ලදි.
