වැඩිම දූෂණ හා අක්‍රමිකතා සිදු වන්නේ රේගුවෙන් බව
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි .

ඔහු සදහන් කරන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා රටේ ආදායම ගැන මේ වන විට ප්‍රශ්නකර ඇති බව වාර්තා වනවා.

දවසකට රේගුවට කන්ටේනර් 3000 කට අදින ප්‍රමාණයක් පැමිණියත් එයින් සියයට 30 ක් බීඕඅයි පර්යන්තයට යන ඒවා විම හේතුවෙන් ඉන් එකක්වත් පරීක්‍ෂා නොකරන බවත් අමාත්‍යවරයා සදහන් කරයි .

ලංකාව වාහන ආනයනය තහනම් කරන්න තීරණයක් ගත්තා. ඒත් දැන් වෙලෙඳ පොළේ අලුත් වාහන තියෙනවා. ඒවා රේගුවේ ලියාපදිංචි වෙලා. නවීන වාහන ගන්න පුළුවන් මිලියන 100 යි 125යි. වාහන ආනයන නැවැත්වුවත් ඒ විදියටම සිදුවෙනවා.

හොර බඩු රේගුව හරහා එනවා. පරීක්‍ෂා කරන්නේ නෑ. එන භාණ්ඩ අඩු අගයකට තක්සේරු කරලයි. රුපියල් සියයේ භාණ්ඩය රුපියල් 10කට තක්සේරු කරලා කොහොමද එහෙම වෙන්නේ.

. හොර කන්ටේනර් එකක් දවසින් එළියට යනවා. හොඳ එකක් එන්න සතියක් යනවා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page