ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට ඉන්දියාව,දකුණු අප්‍රිකාව ,ඔස්ට්‍රේලියාව සහ නවසිලන්තය සුදුසුකම් ලබයි.

ඒ අනුව ප්‍රසාද ලකුණු 16 ක් ලබාගෙන ඉන්දීයාව මේ ව්න විට අපරාජිත කණ්ඩායම ලෙස ලෝක කුසලාන තරගාවලියේ පළමු ස්ථනායේ රැදී සිටින අතර දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 14 ක් ලබා ගෙන දෙවන ස්ථානයේ ද, ප්‍රසාද ලකුණු 14 ක් ලබා ගෙන ඔස්ට්‍රේලියාව තුන්වන ස්ථානයේ ද , ප්‍රසාද ලකුණු 10 ලබා ගෙන නවසීලන්තය හතරවන ස්ථානයේ ද රැදෙමින් ලොකු කුසලාන අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ඇත .

ඒ අනුව ලබන 15 වන දින ඉන්දියාව සහ නවසීලන්තය අතර පළමු අර්ධ අවසන් පුර්ව තරගය ද 16 වන දින දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන අවසන් පුර්ව තරගය ද පැවැත්වේ.

ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 93 ක ජයක් ලබා ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page