සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙන්ම රේගු නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සදහන් කර සිටිනවා.
අදාළ දෙපාර්තමේන්තුවල ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් රටට ලැබිය යුතු විශාල ආදායමක් නොලැබී යන බව පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියැවිමේ විවාදයට එක් වෙමින් ඔහු පැවසුවා.
රටේ රාජ්‍ය යාන්ත්‍රණය මඟින් රටට විශාල ආදායමක් අහිමි වන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි වැඩිදුරටත් පැවසීය.
