ඉදිරියේදී දේශපාලන කටයුතු සිදු කිරීම සදහා පක්ෂ ගණනාවකින් තමන්ට ආරාධනා ලැබුණත් තමන් තවම තිරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් එම පක්ෂ සමඟ සාකච්ඡා සිදු කරමින් පවතින බවත් ඉදිරි අවුරුදු පහ ශක්තිමත්ව රට ගෙනයා හැකි කණ්ඩායමක් සමග කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ඔහු පවසයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තම සාමාජිකත්වය අත්හිටුවා තිබුණත් තමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු බැවින් එම පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට මේ මොහොතේ සහයෝගය ලබාදෙන බවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියා.
