රජයේ අසාධාරණ ප්‍රතිපත්තියට එරෙහිව සිය සේවාවලින් ඉවත්ව සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමදේශ් මහතා පවසයි.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සඳහා ද රුපියල් 35000 ක දීචමනාවක් ලබා ගැනීම වර්ජනයේ ප්‍රධාන අරමුණ බවත් අමාත්‍ය මණ්ඩලය වෛද්‍ය නිලධාරීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා රුපියල් 35000 ක දීමනාවක් ලබාදීමට ගත් තීරණය පිළිබඳව ඉතාමත් සතුටු වෙන නමුත් එම යුක්තිය සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සාධාරණ ලෙස ඉටු කිරීමට අමත්‍ය මණ්ඩලය අපොහොසත් වීම පිළිබඳව අතිශයින්ම කණගාටු වන බවත් ඒ මහතා සඳහන් කළේය
අද (9) පෙරවරු 8.00 සිට ඒම වැඩවර්ජනය ආරම්භ කරන බවත් ඒ අනූව, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමේදී පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට එරෙහිව මෙම සංකේත වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කල බව කණගාටුවෙන් දැනුම් දෙන බවද ඒ මහතා කීය.
තවද, මේ පිළිබඳව නිසි අවධානය යොමු කරමින් සාධාරණය ඉටු කිරීමට කඩනමින් කටයුතු නොකරන්නේ නම් සමස්ත සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒකාබද්ධ කර ගනිමින් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි
