මෙම වසරේ ගතවූ මාස හතරක පමණ කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විසිදෙදහස් හාරසියකට (22,400) කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි .
ඒ අනුව මාස 4 යි දින 7 ක් තුල ඩේංගු රෝගින් 22,443 ක් වාර්තා වි ඇති බවත් මෙම කාලය තුළ ඩෙංගු රෝගයට ගොදුරු වූ 9 දෙනකු මරණයට පත්ව ඇති බවත් ඒම ඒකකය පවසයි .
ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව අටදහස් හැත්තෑ එකක් ලෙස සදහන් වේ.
මීට අමතරව උතුරු පළාතෙන් රෝගීහු 4375 දෙනකුද, මධ්‍යම පළාතෙන් 1890 දෙනකුද, වයඹ පළාතෙන් 1616 දෙනකුද, සබගමුව පළාතෙන් 1855 දෙනකුද, දකුණු පළාතෙන් 1723 දෙනකුද වාර්තා වන බවද එම ඒකකය සදහන් කරයි .
