2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබේ….

පසුගිය ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වුණු අතර මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන් වේ.

පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 40,556ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කල අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 173,444ක් සුදුසුකම් ලබා ඇති අතර අපේක්ෂකයින් 190කගේ ප්‍රතිඵල අත්හිට වූ බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පාසල් විභාග ප්‍රතිඵල ලේඛන විදුල්පතිවරුන් වෙත නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නිකුත් කරනු ලබන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර ඇත.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිසීමෙන් ජූනි 5 වනදා සිට 2024.06.19 වන දින දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page