2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකිය..
ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් පහත දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගැනීමටද විභාග දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබෙනවා.
2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා අයදුම්කරුවන් 451,463දෙනෙකු පෙනී සිටින ලදි.
ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට 2026 ජූනි මස 25 වන දින සිට 2026 ජූලි මස 08 වන දින දක්වා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ මාර්ගගතව (Online) අයදුම්පත් ඉදිරිපත් කළ හැක..
