ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ බැස තිබුණත්, එම සහනය මේ මොහොතේ මෙරට ජනතාවට ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි…
අග්රාමාත්යතුමනි මේ බව සඳහන්කළේ ඊයේ මහනුවරදී මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක පැමිණෙන අවස්ථාවේදීය…
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය..
මේවන විට වෙළඳපොළේ පවතින්නේ මීට මාස 02කට පමණ පෙර ගෙන්වූ ඉන්ධන., එම ඉන්ධන විකුණන්නේත් රජයෙන් පිරිවැයක් දරමින්.
අපි දැනටමත් ජනතාවට සහනයක් දීලා තියෙන්නේ. ඇත්ත මිල ගත්තොත් රුපියල් 700 ක් පමණ විය යුතුයි, නමුත් රජය බර දරන නිසා එය 400 ගණනකට තබා ගැනීමට හැකි වී තිබෙනවා. තෙල් මිල අඩු වීමේ සහනය ලබා දිය හැකි විගසම එය අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා” යැයි අගමැතිවරිය සඳහන් කර සිටියා..
