සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය ආදී සියලු අංශ බිඳ වැටී ශ්‍රී ලංකාව බංකොලොත් වී අසාධ්‍ය තත්වයට පත්ව සිටින බව ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
රට ගොඩනැගීම සඳහා අවසන් අවස්ථාවක් පැමිණෙන බවත් එම අවස්ථාව ජාතික ජන බලවේගය ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
බංකොලොත් වී අසාධ්‍ය රට මාලිමා පාලනයක් යටතේ බේරා ගෙන නිරෝගිමත් සම්පන්න කර, සුඛිත මුදිත තත්ත්වයට පත් කිරීමට සූදානම් බවද හෙතෙම කියා සිටියේයවසර 75ක් වෙනත් පාලකයන්ට දුන් රට අවුරුදු 5 මාලිමාව ලබා දෙන ලෙසත් වසර එම කාලය අවසානයේ තමන් හොඳනම් තවදුරටත් බලය ලබා දෙන ලෙසත් අසාර්ථක නම් බලයෙන් නෙරපා හරින ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
