පෝර්ට් සිටි ආයෝජන ව්‍යාපෘතියෙ ආයෝජනය කිරීම සදහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික ආයෝජකයන් සිව් දෙනෙකු ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ මේරටට පැමිණියා.

චීනයේ අර්ධ රාජ්‍ය සමාගමක් වන CZK Huarui International Culture and Art ( Beijin ) සමාගමේ සාමාන්‍යාධිකාරී සොෆියා ලී ( SophiaLi )මහත්මිය ඇතුළු තවත් තිදෙනකු එසේ පැමිණ සිටියා.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගියදා චීනයේ සිදු කළ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමග ඇති කර ගත් එකගතා සහ ගිවිසුම් ගත වීම් මත මෙම ආයෝජකයන් පිරිස පැමිණ තිබුණා.

මොවුන් පළමුවෙන්ම කොළඹ මූල්‍ය නගරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් මැණික් කෞතුකාගාරයක් , එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබෙනවා.

මීට අමතරව මොවුන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර ඇත .

මෙම සියලු ආයෝජන ව්‍යාපෘති සදහා දින 07ක කාළයක් තුළ අවශ්‍ය අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් මේ වනවිට සම්පාදනය කර තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page