පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින නිවාඩු ලබා දිමට තිරනය කල බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
ඒ අනුව මැයි මස 7වනදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු කරනු ලබන අතර ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් මැයි මස 4 වන දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු ලෙස දැනුම් දි ඇත.
