පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ, මුඛයෙන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර සිටියද, ඔහු මේ වන විට වෙනත් වෛද්‍ය ක්‍රම හරහා සිය සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගනිමින් සිටින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි…
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ, රුධිරය හරහා හා එන්.ජී. බටයක් මාර්ගයෙන්ද අවශ්‍ය පෝෂණය ලබා ගන්නා බව ඔහු සදහන් කරයි .
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා….
“ඔහු කටින් ආහාර ගැනීම පමණයි ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. අනෙකුත් ක්‍රම මගින් පෝෂණය ලබා ගැනීම ඔහු ප්‍රතික්ෂේප කර නැහැ. සාමාන්‍යයෙන් දින 12ක් 13ක් ආහාර නොගෙන නිරාහාරව සිටින අයෙකුට මෙවැනි සෞඛ්‍ය තත්ත්වයකින් පසුවිය නොහැක.
ඔහුගේ මෙම ක්‍රියාකලාපය තේරුමක් නොමැති වැඩක්..
ඔහු මේ මොහොතේ සිදු කළ යුත්තේ අපරාධ සම්බන්ධ අය ආරක්ෂා කිරිම සහ අපරාධ සම්බන්ධ තොරතුරු ආරක්ෂා කිරීම නොව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා…
