මෙම වසරේ පළමු මාස පහ තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම පසුගිය වසරේ එම එම කාලසීමාව තුළ ලැබුණුු ආදායමට සාපේක්ෂව සියයට 11.9 කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මහ බැංකු වාර්තාවකට අනුව, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් ලෙස මෙරටට ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,360 ක් ලෙස සටහන් වුවත්
2025 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,543.1ක් ලෙස සටහන් වී තිබූණි…
ඒ අනුව මෙම වසරේ එම කාලසීමාවේදී සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 183 කින් හෙවත් සියයට 11.9%කින් පහළ වැටී ඇත
