ආර්ථික අර්බුධයෙන් වඩාත් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍ර නගා සිටු වීම වෙනුවෙන් පිහිටුවන ජාතික ණය ඇපකර ආයතනය ස්ථාපනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100 ණය මුදල් අනුමත කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මෙම අරමුදල් මගින් අපනයන, සංචාරක, තාක්‍ෂණ, කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහය දැක්වීමට සහ අභියෝගවලට ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සදහා රජයේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්‍ කිරීම සඳහා යොදා ගත හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පීඩාවට පත් ව්‍යවාසයකන් වෙනුවෙන් කාරක ප්‍රාග්ධන පහසුකම් සැපයීම මෙම ණය මුදල යටතේ සිදු කළ හැකිය.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක ප්‍රමාණයක් ආවරණය කරනු ලබන මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මගින් ජනගනයෙන් 42% රැකියා අවස්ථා ද උත්පාදනය කරනු ලබයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page