පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් සමගි ජන බලවේගය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) මහනුවරදී අදහස් දක්වමින් පවසන ලදි..
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහනුවර දී මල්වතු පාර්ශ්වයේ මහා මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන මහා නායක මාහිමිපාණන් වහන්සේ මුණ ගැසීමෙන් අනතුරුවය..
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා.
ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතදිත් සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් රජය ජනතාව ලබා දුන් අසීමිත බලය තුළ පාර්ලිමේන්තුවේ විවිධ කමිටු, තේරීම් කාරක සභා ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඔවුන්ට අවශ්‍ය ආකාරයට හසුරවමින් යන බවත් සඳහන් කරන ලදී.
ලක්ෂ 220ක් ජනතාව මොවුන්ගෙන් පාඩමක් ඉගෙන ගත යුතු බවත් ඉදිරි මැතිවරණවල දී කිසිම පාර්ශ්වයකට විශාල මන්ත්‍රී නියෝජනත්වයක් අවශ්‍ය නොවන බවත් සාමාන්‍ය සුළු බහුතරය පමණක් ප්‍රමාණවත් බවත් විශාල මන්ත්‍රී නියෝජනයක් ලැබුණු විට බල උන්මාදයෙන් කටයුතු කිරීම පමණක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී වැඩිදුරටත් පවසන ලදී.
