මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමෙන් පසුව ඔහු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරන බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන්න ලෙසත් ඉල්ලා මෙම අභියාචනා පෙත්සම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා විසින් ඉදිරිපත් කර තිබුණා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page