ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලක කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කර සිටියේ අතුරු කමිටුවක් දැමීමට ජනාධිපතිගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන බවයි.
මගේ ඇමතිකම තියෙන කල් වැඩේ කරන ඒක මගේ යුතුකම. අපි හැංගිලා ඉඳලා වැඩක් නෑනේ. මට රට වෙනුවෙන් වගකීමක් තියෙනවා. පොළොන්නරුවේ අහිංසක මිනිස්සු ඒ අය මාව පත්කළේ හරියට වැඩක් කරන්න. ඒ වගකීම හරියටම කරනවා. නැතුව ඇමතිකම රැකෙන්න කියලා නිහඬව ඉන්නෙ නැහැ.
සුදුස්සාට සුදුසු තැන දීලා තියෙනවා. අර්ජුනට දෙන්න සාධක තියෙනවා. එතුමා ලෝක කුසලානය ගෙනල්ලා තියෙනවා. එතුමා යද්දි දෙවැනි පෙළක් හදලා ගියා. අද දෙවැනි පෙළක් නෑ. ඒකයි මේ ප්‍රශ්නය. ඒ වගේම මුරලිදරන්ට ප්‍රශ්න එද්දි එතුමා අභියෝග කළා. ඒක තමා නායකත්වය. එතුමාට තැනක් දුන්නේ නෑනේ කවුරුත්.
ජනාධිපතිතුමාට පුළුවන් ඕනේ නම් අස්කරන්න. ඒක එතුමාගේ තීන්දුවක්.ජනාධිපතිතුමාගේ අනුමැතිය ගන්න ඕනේ ඒවා තියෙනවා. අතුරු පාලක කමිටුවක් දැමීමේදී එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඒ අනුව මට තියෙන බලතල ප්‍රකාරව තමා තීන්දුව ගත්තේ.
කැබිනට් මණ්ඩලයේ දී වුණේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී සියලුම ක්‍රීඩකයින් ගෙනල්ලා අදහස් ගන්න කමිටුවක් පත්කළා අලී සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
මේ රටේ පාර්ලිමේන්තුවට එතුමා පත්වෙලා ඉන්න කොට කවදාවත් ක්‍රීඩා ඇමතිකම දුන්නේ නෑ. මම කිව්වා මට වඩා දශමයක් හරි ක්‍රීඩා ඇමතිකමට හොඳ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අර්ජුන කියලා. අර්ජුනව මොන පක්ෂයෙන් හරි ගන්නවා නම් ජාතික ලැයිස්තුවෙන් හරි මම ඇමතිකම දෙන්න සුදානම්.
